ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකගේ අවසන් කටයුතු අද

අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26දා) කොස්වත්ත, තලාහේන පොදු සුසාන භූමියේදී පස්වරු 5.00 ට සිදුකිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය තලංගම කොස්වත්ත රිචඞ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය රැුගත් රිය පෙරහැර අද පස්වරුවේ නිවසින් පිටත්වීමට නියමිතය.

මෙරට පුවත්පත් කලාවට අමිල සේවයක් කළ විප්ලවවාදියකු වූ සුනිල් මාධවයන් කලක් රෝගාතුරව සිට, තලංගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 23 වැනිදා මියයන විට 78 හැවිරිදි වියෙහි පසුවිය.

‘සිළුමිණ’ පුවත්පතේ හිටපු ප‍්‍රධාන කතුවරයකු වු මීමන පේ‍්‍රමතිලකයන්ගේ දෙටු පුත් වූ සුනිල් මාධවයන් එම පුවත්පත ඔස්සේම 1963 වසරේදී මාධ්‍ය කලාවට පිවිසියේය. අනතුරුව ‘දිවයින’, ‘ජනතා’, ‘ලක්මිණ’, ‘ලක්දිව’, ‘හිරු’ ආදී පුවත්පත් ගණනාවකදී නිර්භයව සිය පන්හිඳ මෙහෙය වූ මාධවයන්, 1988 – 1989 පැවැති භීෂණ යුගයේදී මරණ වරෙන්තුව සියතෙහි දරාගනිමින් අභීතව ‘පෑන’ හැසිරවීය.

මාධවයන් විසින් රචනා කරන ලද ‘සත්‍යවාදියකුගේ දිනපොත’ මෙරට තීරු ලිපි කලාවේ පරිවර්තනීය වෙනසක් ඇතිකළ අතර ‘හඬනු මැන නිදහස’, ‘අන්ධකාරයේ දරුවා’, ‘ශ්‍රේෂ්ඨයා’, ‘සැබෑ කවියකුගේ කතාව’, ‘ජීවිතය සුන්දරයි’ සහ ‘නොනිමි ජීවිත කතාව’ ඇතුළු මෙරට පාඨක සමාජය ඇදබැඳ ගත් කෘතීන් ගණනාවක් ද ඔහු විසින් රචනා කරන්නට යෙදිණ.

කොළඹ ආනන්ද විදුහලෙන් බිහිවූ දීප්තිමත් ආදි සිසුවකු වූ සුනිල් මාධවයන් මාධ්‍යවේදිනියක වන මනෝරා පේ‍්‍රමතිලක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ අතර නන්ජිත මාධව පේ‍්‍රමතිලක ඔවුන්ගේ එකම පුත‍්‍රයාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18