වාහනේ සද්දෙන් ලෙඩේ කියන මිද්දෙණියේ මැකැනික් පැංචා

ජීවිතය සිහින මායා ලෝකවල පටලවා ගෙන අනාගතය අඳුරු කර ගන්නා බහුතරයක් දරුවන් අතර ප්‍රදීපයක් සේ බබළන දරුවෝ ද වෙති. එබඳු දරුවෙකු පසුගියදා අපට මිද්දෙණියයේදී හමුවිය.

මිද්දෙණිය මහා විද්‍යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී.ඒ. ප්‍රශාන් මහේන්ද්‍රන්ගේ වයස අවුරුදු 13කි. වයස අවුරුදු හයේ සිට ම ඔහු ඇලුම් කළේ කාර්මික ක්‍ෂේත්‍රයටය. ප්‍රශාන්ගේ පියා ඩී.ඒ. ධනපාල මහතා (48) කළේ කාර්මික වැඩය. ඔහු තම නිවෙසෙට යාබදව කාර්මික වැඩපළක් පවත්වාගෙන ගියේ ය. ප්‍රශාන් මෙන්ම ප්‍රශාන්ගේ අයියා කේෂාන් ද පියා වැඩ කරන හැටි බලා සිටියේ ආසාවෙන් ය.

පියා විරාමයක් ලැබූ හැටියේ මේ අයියා මලෝ දෙන්නා කාර්මික වැඩ කිරීමට පටන් ගත්හ. ඔවුන්ගේ මව කුසුමා පත්මිණි මහත්මිය (47) ඒ වැළැක්වීමට ගියේ නැත. තම සැමියා දරු පවුල පෝෂණය කරන්නේ තමා දැන සිටි මේ ශිල්පයෙන් බව හොඳින් දැන සිටි ඇය තම පුතුන්ද ඒ මග යෑමේ වරදක් ද ඇතැයි ඇය නොසිතුවා ය.

ධනපාල – කුසුමා යුවළට දරුවෝ සිවුදෙනක් සිටිති. ඒ චර්තා ප්‍රබුද්ධිනි සහ ගෝතමී සෙව්වන්දිය. ප්‍රශාන් සහ කේෂාන් බාලය.

ප්‍රශාන් ඉගෙනුමට ආශා කළත් කාර්මික වැඩ කෙරෙහි ඔහුගේ ඇති ආශාව ඒ අභිභවා ගියේ ය. ඔහුගේ පියා මෝටර් කාර්මිකයකු මෙන්ම විදුලි කාර්මිකයකු ලෙස මිද්දෙණිය ප්‍රදේශයේ නම්දරා ඇත්තෙකි. ඔහු සිය සේවා ස්ථානය පවත්වාගෙන යන්නේ මිද්දෙණිය, වීරකැටිය මාර්ගයේ ඇති නිවෙසේම ය.

සිය පියා වැඩ කරන හැටි ප්‍රශාන් කෙතරම් උනන්දුවෙන් බලා සිටියාද යත් අවුරුදු හයක් වැනි කුඩා වයසේදීම ඔහුට මෝටර් රථ අලුත්වැඩියාව ගැන දැනුමක් ලැබී තිබිණි. ඒ වයසේදී ම ඔහු විදුලි මෝටර් නැවත එතුවේ ය.

අලුත්වැඩියාවට මෝටර් රථයක් ආ විට මේ කුඩා දරුවා එම මෝටර් රථයේ ශබ්දයෙන් එහි ඇති දෝෂය කුමක්දැයි කීමට තරම් කාර්මික දැනුමක් ලබා තිබීම විස්මයජනකය. දැන් දහතුන් හැවිරිදි වියේ පසුවන ප්‍රශාන් මෝටර් රථයක් පණ ගැන්වීමෙන් පසු එහි ඇති දෝෂය කුමක්දැයි කියනවාට අමතරව ඊට විසඳුම ද යෝජනා කරන්නේය. දරුවාගේ මේ විස්කම ඔහු ඉගෙනුම ලබන හ/ මිද්දෙණිය මහ විද්‍යාලයටද කීර්තියක් ගෙනදීමට සමත්ව තිබේ. පාසල් කාලයෙන් පසු ප්‍රශාන් පියාගේ වැඩකටයුතුවලට හවුල් වෙයි. එය පියාට ශක්තියක් මෙන්ම ආඩම්බරයකි.

ප්‍රශාන්ගේ හපන්කම් ගැන අපට මුලින් ම කීවේ ඔහුගේ පියා ඩී.ඒ. ධනපාල මහතාය.

“මගෙත් වයස අවුරුදු 10ට අඩු කාලේ ඉඳල ම කැමැත්ත තිබුණේ කාර්මික ශිල්පයට තමයි. කොළොන්න ප්‍රාථමිකයෙන් වගේම මිද්දෙණිය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පසු මම මගේ කාර්මික ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මම විදුලි කාර්මික වැඩ, මෝටර් කාර්මික වැඩ වගේ කාර්මික ක්‍ෂේත්‍රයේ නොයෙක් වැඩ කරනවා. මම නව නිපැයුම්වලට බොහොම කැමැතියි. මගේ පුතාත් මේ ක්‍ෂේත්‍රයට ලොකු ඇල්මක් දක්වනවා. මම ඔහුට ඒ සඳහා ශක්තිය ලබාදෙනවා.”

ඉන් අනතුරුව ප්‍රශාන් අප හා කතා කළේ ය.

“මම ලොකු වැඩක් කරනවා යැයි ඔහු පැවැසුවේ තරමක් ආඩම්බරයෙනි. ඔහු මේ වන විට කොරෝනා ව්‍යසනයෙන් ආරක්‍ෂා වීමට නව නිපැයුමක් සකස් කරමින් සිටී. ඒ පාසලට ඇතුළු වන ඕනෑ ම කෙනකු විෂබීජහරණය වන ආකාරයේ නව නිපැයුමකි. සෙන්සර් භාවිතයෙන් තැනෙන මේ උපකරණය පසුකර යන ඕනෑ ම අයකු අනිවාර්යයෙන් ධූමායනයට ලක්වන්නකි.

මම මේ හදන්නෙ නව නිපයුමක්. මේකෙන් ඕනෑ ම කෙනකුට ධූමායනය නොවී ඉන්න බෑ. මේක සෙන්සර්වලින් වහාම ක්‍රියාත්මක වෙලා ධූමායනය කර විෂබීජ ඉවත් කරනවා. මම මේක මුලින් ම හදන්නේ අපේ ඉස්කෝලෙට.

මට මෝටර් ගලවල කොයිල් ඔතන්න පුළුවන්. කොයිල් ඔතල නැවත මෝටරය නිසි පරිදි සවි කරන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම වාහනයක එන්ජිමක් කෑලි කෑලිවලට ගලවල ආයෙත් තිබූ විධියට සවි කරන්න පුළුවන්.

මම මේක ඉගෙන ගත්තේ තාත්තගෙන්. මට ඕනෑම වාහනයක ශබ්දයෙන් ලෙඩේ කියන්න පුළුවන්. ඒ වගේ ම වාහන එන්ජින් අලුත්වැඩියා කරන්නත් පුළුවන්. ඉස්සර තාත්තයි අයියයි මට මේව කියලා දුන්නා. ඒත් දැන් මට තනියම කරන්න පුළුවන්.

මගේ අනාගත බලාපොරොත්තුව හොඳට ඉගෙන ගෙන ඉන්ජිනේරුවෙක් වෙන්නයි. අපේ පන්ති භාර අසෝකා ගුරුතුමිය වගේ ම විදුහල්පති අනිල් නානායක්කාර සර් ඇතුළු ගුරුවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. පාසලට ගෞරවයක් අරන් දෙන්න පුළුවන්නම් මම සතුටුයි.” 

ඔහු මේ සියල්ල පැවැසුවේ මෝටරයක් ඔතන අතරතුරේ වීම විශේෂයකි.

ඔහු අපේ සමස්ත දරු පරපුරට ම ආදර්ශයකි. අපි ප්‍රශාන් පුතුට සුබ පතමු!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12