ට්‍රම්ප්ගෙන් ටික් ටොක්වලට සහනයක්

අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ටික් ටොක් තහනමට දින 90ක සහන කාලයක් ලබා දෙන බව එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ හෙට දිනයේ දිවුරුම් දී තමන් බලයට පත්වීමෙන් පසු මම සහන කාලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවයි.

චීනය පදනම් කරගත් මව් සමාගමක් වන බයිට්ඩෑන්ස් සමාගම හිමිකාරිත්වය දරණ ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදුම ඇමරිකා එක්සත් ජනපදය තුළ තහනම් කිරීමේ නීතියක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සිකුරාදා දිනයේ සම්මත කරනු ලැබුවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ එක්සත් ජනපදය තුළ ටික් ටොක් හිමිකාරීත්වයෙන් චීනය ඉවත්වී වෙනත් පාර්ශ්වයකට අලෙවි නොකරන්නේ නම් අද (19) දිනයේ සිට සිය රට තුළ ටික් ටොක් තහනම් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් බයිට්ඩෑන්ස් සමාගම ඒ සඳහා ගැනුම්කරුවෙක් සෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18