යුක්‍රේන ආක්‍රමයට විරුද්ධත්වය පලකරමින් ලංකාවේත් විරෝධතා…

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාව ඇතුළු තවත් රටවල විරෝධතා ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු රජය විරෝධතාකරුවන් 1,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.

ශ්‍රී ලංකාවේ රැඳීසිටින යුක්‍රේන සංචාරකයින් ද රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවයක් සිදු කර තිබුණි.ඒ අද කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.

මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා භට පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන තිබේ.

රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම අමෙරිකානු ආරක්ෂක අංශ ජනාධිපති ජෝ බයිඩන් වෙත යෝජනා කර තිබේ.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රුසියානු හමුදාවන්ට අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීම, රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය සහ විදුලිබල පද්ධතිය අඩපණ කළ හැකි බවය.

කෙසේ වුවද මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් අවසන් නියෝගයක් ලබාදී නැතැයි අමෙරිකා පුවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18