මේ දිනවල රට පුරා සිදුවන විදුලි කප්පාදුව නිසා විවිධ මට්ටමින් ජනතාව පීඩාවට පත්වෙයි.
එම විදුලි කප්පාදුවත් සමග අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විදුලිවැට අක්‍රියවී තිබුණි.
ඒත් සමගම වනඅලි ගම්වැදී තිබූ නිසා එම ගම්මානයේ ජනතාවට රැය ගතකරන්නට සිදුව තිබුණේ දැඩි බියකින් හා පීඩනයකිනි.
ඊයේ රාත්‍රියේ විඳින්නට සිදුවූ අපහසුතාවයන් ගැන ගම්වාසීන් මෙලෙස අදහස් දැක්වූවා,
“අපි මේ ගහක් යටට වෙලා දුක්විඳින්නේ ගොවිතැනත් ජීවිතත් බේරගන්න. හතර වටේම ගිනිගොඩවල් පත්තුකරන් ඉන්නේ. නිලධාරීන්ට කිව්වට උදව්වට එන්නේ නෑ. විදුලිය විසන්ධි වුණාම අලි ඇවිත් විදුලි වැට පෙරළනවා. ඊට පස්සේ ගම්වදිනවා. ඊළඟට උදේට පාරේ යන්න බෑ 8.00 -9.00 පහු වෙනකම්. අලි කරදර.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




