දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි

ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය මෙලෙස ඉන්දියාව බලා පිටව ගොස් ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර මෙම ක්‍රීඩකයින් 08 දෙනා අතර සිටින නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ලබන 27 වනදා අවසන් වීම හේතුවෙන් ඒ සඳහා ඉන්දියාවෙන් අවසර හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා මෙරට තුළදීත් ජෛව ආරක්ෂිත බුබුළක රැඳී සිටීමෙන් අනතුරුවයි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා එක්කර ගැනීමට ඉන්දීය බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා
සිදුකරමින් පවතින බවයි තේරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර දෙරට අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග හෙට (26) සහ අනිද්දා (27) යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03