යුක්‍රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

යුක්‍රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසටයි, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24×7) මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම +905344569498 යන ජංගම දුරකතන අංකයෙන් හෝ +903124271032 යන ස්ථාවර දුරකතනයෙන් තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.

මීට අමතරව [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ ද සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

මේ අතර විදේශ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේ යුක්‍රේනයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීමට පියවර ගන්නා බවයි.

එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්‍රේනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන බවයි.

යුක්‍රේනයේ මේ වන විට සිසුන් 14 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 40කට අධික පිරිසක් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

එම සිසුන් 6 දෙනෙකු මේ වන විට තාවකාලිකව යුක්‍රේනය හැර ගොස් ඇති අතර, ඉතිරි සිසුන් 8 දෙනා සමග අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සබදතා පවත්වන බව එමගින් කියා සිටියා.

එමෙන්ම, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය යුක්‍රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, දැනට යුක්‍රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙනවා.

dnload
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00