විදුලිබල ඇමැති ඇඳ යට කරුවලේ

විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සතියක් තිස්සේ සොයා ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු ඇඳ යට කරුවලේ සිටින බවත් එබැවින් අද රටද කරුවලට වැටී ඇති බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ පෙරේදා පැවැති විවාදයේදී විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරු කතා කළා. විපක්ෂයෙන් අන්තිමට කතා කරන්න හිටියේ මම. එහිදී මගේ වෙලාවේදී මමත් සම්පූර්ණයෙන් කතා කළා. ආණ්ඩු පක්ෂයෙන් අවසානයට කතා කරන්න හිටියේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා. එහිදී දිගින් දිගට මගේ නම කියමින් කතා කරද්දී අපට ස්ථාවර නියෝග අනුව අවස්ථාව තියෙනවා ඒකට රීති ප‍්‍රශ්න යොමු කරන්න. නමුත් සුරේෂ් රාගවන් මහත්මයා එම අවස්ථාව දුන්නේ නැහැ. පක්ෂග‍්‍රාහීව කටයුතු කළා. ඒ නිසා තමයි අපි අවසාන අන්තිම විනාඩි කීපයේ දී නැගිටලා ගියේ.

එම විවාදයේ දී වැඩිපුර කියැවුණේ පාස්කු ප‍්‍රහාරය ගැන සහ රටේ ආර්ථිකය ගැන. පාස්කු ප‍්‍රහාරය ගැන කතා කරන විට නීතිය සාමය ඇමැතිතුමා ඒකට උත්තර දෙන්න ඉන්න ඕනෑ. රටේ ආර්ථිකය ගැන කතා කරද්දී මුදල් ඇමැතිවරයා උත්තර දෙන්න ඉන්න ඕනෑ. නමුත් මේ ඇමැතිවරු දෙදෙනාම හිටියේ නැහැ. පාස්කු ප‍්‍රහාරයට උත්තර දෙන්නේ ධීවර ඇමැති සහ කෘෂිකර්ම ඇමැති. ආර්ථිකය ගැන ප‍්‍රශ්නයට උත්තර දෙන්න කෙනෙක් නැහැ. කෝකටත් තෛලය වගේ ආණ්ඩුව බේර ගන්න ඉන්නේ කෘෂිකර්ම ඇමැති හා තව කිච්චෝ කිහිප දෙනෙක් විතරයි. බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉන්න අයට කතා කරන්න බැහැ.

ආණ්ඩුව අද හතරගාතේ ගාගෙන ඉන්නේ. පුළුවන් දෙයක් ඇත්තෙම නැහැ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්. අද රටේ විදුලිය නැහැ. තෙල් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැහැ. සිමෙන්ති නැහැ. ඩොලර් නැහැ. ඇති කිසිදෙයක් නැහැ. මේ දවස්වල උසස් පෙළ විභාගයට දරුවෝ ලියනවා. විදුලිය ගියාම කුප්පි ලාම්පු පත්තු කරනවා. ඒක පත්තු කරන්නත් භූමිතෙල් නැති වුණොත් මොකද කරන්නේ. කොළඹ දර මැස්සවල් ගහන්න බැහැ. ඉටිපන්දම් පත්තු කරන්නත් බැහැ. මිනිස්සු විශාල වේදනාවකින් ඉන්නේ. ව්‍යාපාර කඩා වැටිලා. සැලූන් එකක් කරන තරුණයාට ඒක කරගන්න විදිහක් නෑ. රූපලාවන්‍ය ශිල්පියකුට එම රැකියාව කරගෙන යන්න බැහැ. කර්මාන්තකරුවන්ට කර්මාන්ත කරන්න බැහැ. පැය හතරක් විදුලිය කැපුවම කොහොමද රටක් දුවන්නේ.

මේ දවස්වල ළමයින්ට සූම් තාක්ෂණය ඔස්සේ උගන්වනවා. නමුත් ගුරුවරයාගේ ගෙදර කරන්ට් එක නැහැ. ළමයි උදේ ලෑස්ති වෙනකොට කරන්ට් කපලා. කොහොමද මෙහෙම රටක් යන්නේ. මේ වෙලා තියෙන්නේ තාක්ෂණික ප‍්‍රශ්නයක් ද? අපේ කාලයේ ලයිට් ගියාම බෙරිහන් දීලා ඇ`ඩුවා.

බලාගාරවලට ඉන්ධන ටික දී ගන්න බැහැ. ඒ දෙන ටිකක් දෙන්නේ කෝටා ක‍්‍රමයට.

අද රට එකතැනකින් පාලනය වෙන්නේ නැහැ. විදුලිබල ඇමැතිට ඕන දේ එයා කරනවා. ඛනිජතෙල් ඇමැති එයාට ඕන දේ කරනවා. ප‍්‍රවාහන ඇමැති හිඟාකනවා. එක තැනකින් රට ගෙනියන්න ඕනෑ. නායකයෙක් ඉන්නේ ඒකට. යහපාලන කාලය ජනාධිපති, අගමැති දෙපැත්තක හිටියට වත්මන් ආණ්ඩුවේ ජනාධිපති, අගමැති, මුදල් ඇමැති එක පවුලේ සාමාජිකයෝ. එකම පක්ෂයේ අය. එහෙම පාලන බලයක් තියෙද්දී එක එක අමාත්‍යාංශය එක එක පැතිවල දුවමින් නම් පිස්සු කෙළිනවා නම් මොන කෙහෙල්මලට ද මේ ආණ්ඩුව. ඒකයි කියන්නේ දීලා පලයල්ලා කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39