අදත් පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 – විනාඩි 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 – විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බවයි.

හෙට (26) දිනයේ පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක් සහ රාත්‍රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක් වනු ඇති බවටයි විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන්නේ.

මේ අතර, ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට බස් ධාවනය සම්පූර්ණයෙන් අඩාල වීමේ අවදානමක් පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් පසුව බස් රථයට අතරමග දී ඉන්ධන ලබා ගැනීමට තාවකාලිකව අවසර ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00