මව මියගියත් දින 14 ක් තිස්සේ නිවසේ තියන් කෑම බීම දිලා

නිවසේ දින 14කට අධික කාලයක් තිස්සේ මියගොස් සිටි සිය මවට ආහාර පාන ලබා දෙමින් කාලය ගතකළ මානසික රෝගාබාධයකින් පෙළෙන 45 හැවිරිදි දියණියක් පිළිබඳව මිරිහාන පොලිස් වසමෙන් වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ, දෙල්කඳ, පැ`ගිරිවත්ත, සෝමා තලගල මාවතේ පදිංචිව සිටි වේරපිටියගේ පද්මිණී පතිරණ නමැති එක්දරු මාතාවකි.

අදාළ නිවස දෙසින් දැඩි දුගඳක් හැමී ම ගැන අවධානය යොමු කළ ප‍්‍රදේශවාසීහු මේ සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියට පෙරේදා (23 වැනිදා) සවස දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ නිවසට ගිය පොලිසිය නිවසේ පිටුපස මුළුතැන් ගේ දෙසින් ඇති දොර කඩා ඇතුළු වී පරීක්‍ෂණ කර බැලීමේ දී කෑම කාමරයේ බිම වැටී සිටි මවගේ මළ සිරුර හමු වී ඇත.

සිරුර හමුවන අවස්ථාවේ බෙහෙවින් දිය වී තිබූ බවත්, නිවස තුළ දැඩි දුර්ගන්ධයක් හමමින් තිබූ බවත් පොලිසිය පවසයි.

ඊට අමතරව මානසික රෝගාබාධයකින් පෙළෙන දියණිය ද එම මියගිය මව අසල රැඳී සිටි බව ද පොලිසිය පවසයි.

මියගිය කාන්තාව ගේ සැමියා ඇය විවාහ වූ මුල් කාලයේදීම මියගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

ගත වූ දින කීපය තුළ මෙම දියණිය මියගිය මව සමග දින කීපයක් ම රැය පහන් කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම මව මානසික ආබාධයකින් පෙළෙන දියණිය අතින් ඝාතනයට ලක් වූයේ ද? එසේත් නොමැති නම් ස්වභාවික හේතූන් මත මව මිය ගියේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කරති.

මියගිය මව ගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය පෙරේදා (23 වැනිදා) සවස නුගේගොඩ වැඩ බලන මහෙස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා හමුවේ පැවැත්විණි.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශීක්‍ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජුල තුෂාර මහතා ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමිල ගෝවින්න මහතා ගේ මෙහෙය වීමෙන් උප පොලිස් පරීක්‍ෂක ගුණරත්න ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18