කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ල කා පලාගිය තරුණියක් පොලිසිය සොයයි 

කෝටිපති ව්‍යාපාරිකයෙකු සිහිසුන් කොට ඔහු සතු රන් භාණ්ඩ කොල්ල කා පලාගිය තරුණියක් සොයා පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ඇය මෙලෙස පවුම් 39ක රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාල ව්‍යාපාරිකයා තරුණිය සමඟ ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගොස් ඇති අතර එහිදී තරුණිය විසින් ව්‍යාපාරිකයාට මත් දියරයක් ලබා දී සිහිසුන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව තරුණිය, ව්‍යාපාරිකයා සතුව තිබූ පවුම් 25ක් බර රත්‍රං මාලයක්, මැණික් ගල් අල්ලන ලද පවුම් 06ක මුද්දක් සහ පවුම් 08ක පෙන්ඩනයක් කොල්ල කා පලාගොස් තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී මෝටර් රථයෙන් එම තරුණිය පලාගොස් ඇති බවයි.

මෝටර් රථය ඉංගිරිය, අරකාවිල ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පසුව සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20