පානදුර සලිදුගේ ලක්ෂ 80 ක සල්ලි කළුගල් ගොඩකින් එළියට

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු “පානදුර සළිදු” නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක්  පානදුර  , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී  සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද  සමගින් අද (22) පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත,  “පානදුර සළිදු” නැමැත්තා ගේ මුදල් එකතු කරන ප්‍රධාන  ගෝලයෙකු ගේ නිවසක් පරීක්ෂා කර ඇති අතර ,  කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි  පොලිසිය පවසයි .

ඒ අනුව උප පොලිස් පරීක්ෂක කේ. බන්දුකුමාර ඇතුළු පොලිස් කණ්ඩායම විහාරස්ථානයේ ගොඩගසා තිබූ ගල්ගොඩ පරීක්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් වසාදමා හිස් සහල් උරයක බහා තිබූ   රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගත් බව උසස් පොලිස් නිළධාරියෙක් කීය .

ජාවාරම් මුදල් එකතු කරන බව කියන පානදුර , කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුද හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20