මැතිව්ස් 11වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේ දී අද ආරම්භ වුනා.

වෙනස්කම් කිහිපයක් සමගින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් අද (22) ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

පසුගිය තරගයට ක්‍රිඩා කළ වනිදු හසරංග කුසල් මෙන්ඩිස් හා දසුන් ශානකට කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇති අතර ඒ වෙනුවට සුරංග ලක්මාල්, ඕෂධ ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස්  කණ්ඩායමට එක්ව සිටිනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු කඩුළු දෙක ලකුණු 7ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. තුන්වන කඩුල්ල වෙනුවෙන් ලහිරු තිරිමාන්න සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 69ක සබදතාවක් ගොඩනැගුවා. ලහිරු තිරිමාන්න ලකුණු 43ක් ලබා සිටියදීයි දැවී ගියේ.

ඉන්පසු පිටියට එක්වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුනු 52 ක් රැස්කර ගැනීමට සමත්වුණා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107 ක් ලබා ගත්තා. ඒ ඔහුගේ 11වන ටෙස්ට් ශතකය වන අතර එංගලන්තයට එරෙහිව ලැබූ තුන්වන ටෙස්ට් ශතකයයි.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුළු 4 ක් දැවී ලකුණු 229 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියා. මැතිව්ස් සමග නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ නිරෝෂන් දික්වැල්ලයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31