පොල් කට්ටෙන් නිපැයූ අත් ඔරලෝසු

පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන තරුණයකු අම්බලන්තොට කිවුල මිණිඇතිලිය ග්‍රාමසේවා වසමෙන් හමුවනවා. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ආර්.පී චමිඳු කුමාර නොයෙක් අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවීධ නිර්මාණ කිරිමට දක්ෂයෙකි.

පොල් කටු ඉතාම සියුම් ලෙස කපා අත් ඔරලෝසුවේ මුහුනත හා පටිය පොල් කටුවලින් සකස් කර අත් ඔරලෝසු මැෂිම සවිකර මනරම් ලෙස එම අත් ඔරලෝසු නිර්මානය කර ඇත.

සිය නිර්මාණ ගැන චමිඳු කුමාර දක්වන්නේ මෙවන් අදහසකි.

මම වෘත්තියෙන් වඩු වැඩ කාර්මිකයෙක්. වඩු වැඩ කරන අතර එම උපකරණම යොදාගෙන විවීධ නිර්මාණ හදනවා. අලුත සිදුකල නිර්මානය පොල් කටුවලින් අත් ඔරලෝසුවක්. මෙය තරමක් අසීරු කාර්යයක්. මගේ ලඟ තියන බර ආයුධවලින් තමයි මෙය කරන්නේ. දැනට මෙම ආයුධවලින් ඔරලෝසුවක් හදන්න දින හයක් පමන ගතවෙනවා.

මේ ඔරලෝසුව කිසිම වෙනසක් නැහ. මැෂින් එක නරක් වුනත් ගලවල වෙනත් මැෂින් එකක් සවිකරගන්න පුළුවන් ඔරලෝසුවේ මුහුණත සහ පටිය තනිකරම පොල් කටු වලින් හදල තියෙන්නේ.

මට සියුමු උපකරණ තියනවානම් මීට වඩා කාලය අඩුවෙන් වැඩි ඔරලෝසු ප්‍රමානයක් හදන්න පුළුවන්. මෙම ඔරලෝසු දෙශිය වෙළඳ පොලට මෙන්ම විදේශීය වෙළඳ පොලටත් ගැලපෙනව. තවම මම අලවි කිරීමක් කරල නැහැ. මහන්සියත් සමඟ සාධාරණ මිලකට අලවි කරන්න බලා පොරොත්තු වෙනව. ඊට කලින් මෙම අත් ඔරලෝසු ජාතික ශිල්ප සභාවේ නව නිර්මාණ තරඟයට යොමු කරන්නත් බලා පො‍රොත්තු වෙනවා.

2019 වසරේ දී ජාතික ශිල්පසභාව පැවැත් වු නිර්මාන තරඟයට ඉවත ලන වාහන ටයර් යොදාගෙන පුටු සෙටියක් නිර්මානය කළා එය සමස්ථ ලංකා මට්ටමින් ජයග්‍රහනය ලැබුවා.

මගේ බලාපොරොත්තුව මෙලෙස ඉවත ලන දෑ උපයෝගි කරගනිමින් ආර්ථිකමය වටිනාකමක් ඇති එමෙන්ම නිර්මාණ ශිලි දෙයක් සකස් කිරීම. ඒ අනුව සකස් කළ ඔරලෝසුවෙන් ද මෙරටට ‍ඩොලර් ගෙන ඒමට හැකිවන බවට මට විශ්වාසයක් තිබෙනව. ඒ සඳහා අත හිත ලබා දුන්නොත් නිෂ්පාදනය කිරීමට හැකියාව මට තියනවා.

(සනත් ගමගේ )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?