පොල් කට්ටෙන් නිපැයූ අත් ඔරලෝසු

පොල් කට්ටෙන් මනරම් අත් ඔරලෝසු නිෂ්පාදනය කරන තරුණයකු අම්බලන්තොට කිවුල මිණිඇතිලිය ග්‍රාමසේවා වසමෙන් හමුවනවා. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ආර්.පී චමිඳු කුමාර නොයෙක් අමුද්‍රව්‍ය යොදා ගනිමින් විවීධ නිර්මාණ කිරිමට දක්ෂයෙකි.

පොල් කටු ඉතාම සියුම් ලෙස කපා අත් ඔරලෝසුවේ මුහුනත හා පටිය පොල් කටුවලින් සකස් කර අත් ඔරලෝසු මැෂිම සවිකර මනරම් ලෙස එම අත් ඔරලෝසු නිර්මානය කර ඇත.

සිය නිර්මාණ ගැන චමිඳු කුමාර දක්වන්නේ මෙවන් අදහසකි.

මම වෘත්තියෙන් වඩු වැඩ කාර්මිකයෙක්. වඩු වැඩ කරන අතර එම උපකරණම යොදාගෙන විවීධ නිර්මාණ හදනවා. අලුත සිදුකල නිර්මානය පොල් කටුවලින් අත් ඔරලෝසුවක්. මෙය තරමක් අසීරු කාර්යයක්. මගේ ලඟ තියන බර ආයුධවලින් තමයි මෙය කරන්නේ. දැනට මෙම ආයුධවලින් ඔරලෝසුවක් හදන්න දින හයක් පමන ගතවෙනවා.

මේ ඔරලෝසුව කිසිම වෙනසක් නැහ. මැෂින් එක නරක් වුනත් ගලවල වෙනත් මැෂින් එකක් සවිකරගන්න පුළුවන් ඔරලෝසුවේ මුහුණත සහ පටිය තනිකරම පොල් කටු වලින් හදල තියෙන්නේ.

මට සියුමු උපකරණ තියනවානම් මීට වඩා කාලය අඩුවෙන් වැඩි ඔරලෝසු ප්‍රමානයක් හදන්න පුළුවන්. මෙම ඔරලෝසු දෙශිය වෙළඳ පොලට මෙන්ම විදේශීය වෙළඳ පොලටත් ගැලපෙනව. තවම මම අලවි කිරීමක් කරල නැහැ. මහන්සියත් සමඟ සාධාරණ මිලකට අලවි කරන්න බලා පොරොත්තු වෙනව. ඊට කලින් මෙම අත් ඔරලෝසු ජාතික ශිල්ප සභාවේ නව නිර්මාණ තරඟයට යොමු කරන්නත් බලා පො‍රොත්තු වෙනවා.

2019 වසරේ දී ජාතික ශිල්පසභාව පැවැත් වු නිර්මාන තරඟයට ඉවත ලන වාහන ටයර් යොදාගෙන පුටු සෙටියක් නිර්මානය කළා එය සමස්ථ ලංකා මට්ටමින් ජයග්‍රහනය ලැබුවා.

මගේ බලාපොරොත්තුව මෙලෙස ඉවත ලන දෑ උපයෝගි කරගනිමින් ආර්ථිකමය වටිනාකමක් ඇති එමෙන්ම නිර්මාණ ශිලි දෙයක් සකස් කිරීම. ඒ අනුව සකස් කළ ඔරලෝසුවෙන් ද මෙරටට ‍ඩොලර් ගෙන ඒමට හැකිවන බවට මට විශ්වාසයක් තිබෙනව. ඒ සඳහා අත හිත ලබා දුන්නොත් නිෂ්පාදනය කිරීමට හැකියාව මට තියනවා.

(සනත් ගමගේ )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13