ශ්‍රී ලංකාවෙන් ලකුණු 140ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා. 

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 140කි.

පන්දු ඕවර 15.3කදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා සිටියේය.

නමුත් පන්දු ඕවර 19ක් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් දැවී ගොස් තිබුණේ ලකුණු 122කටය.

අවසාන පන්දු ඕවරයේදී ලකුණු 17ක් ලබාගැනීමට ජෙෆ්රි වැන්ඩසේ සහ චාමික කරුණාරත්න සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් සහ චරිත් අසලංක ලකුණු 22ක් ලකුණු පුවරුවට එක්කළහ.

පන්දු යැවීමෙන් ජයී රිචර්ඩ්සන් කඩුලු 2ක් දවාගත් අතර ඇෂ්ටන් අගාර් සිය පන්දු ඕවර 4දී ලබාදුන්නේ ලකුණු 14ක් පමණි. ඔහු එක කඩුල්ලක් දවා ගත්තේය.

තරග 5කින් සමන්විත තරගාවලියේ 3-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී.

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40