පොලිස් නිලධාරියාගේ ඝාතනය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇත.
පුද්ගලික ආරවුලක් මත පිරිසක් සිදුකළ පහරදීමකින් තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කර තිබුණි.
අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකු ද පහරකෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිටවීමේ දොරටුවේ සේවයට අනුයුක්තව සිටි 34 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
අදාළ සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ විස්තරාත්මක වාර්තාව පහතින්.













