ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙම්පියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණි කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා එම කැමරාවේ දර්ශන ජංගම දුරකථයකින් හෝ ලැප්ටොප් පරිගණයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව එම උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එය සවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?