විභාග වංචාවකට අත් අඩංගුවට පත් ස්වාමීන් වහන්සේ

කිසියම් විභාග අපේක්ෂකයෙකු විභාග අක්‍රමිකතාවයකට සම්බන්ධ වුවහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

මෙවර උසස් පෙළ විභාගයේදී විභාග අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේ එක් සිදුවීමක් වාර්තා වූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

විදෙස්ගතව සිටින හිමි නමක් වෙනුවෙන් විභාගයට පෙනී සිටි හිමි නමක් පුත්තලම ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පුත්තලම ශාන්ත මරියා විද්‍යාලයේදී මෙවර විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් පෙනී සිටි එම හිමි නම පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හිමිනම බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බව සඳහන් වෙයි.

මේ අතර පසුගිය 9 වනදා පැවති උසස් පෙළ විභාගයේ චිත්‍ර විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් වූ ගැටලුකාරි තත්ත්වයට මුහුණ දුන් සිසුන් සඳහා සහනයක් සැලසීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි සිසුන් 6 දෙනෙකුගේ චිත්‍ර පිළිතුරු පත්‍රය නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබාගෙන ඇති බවට සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දී විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ලබාදී නොමැති බවට වාර්තා වී තිබුණි.

උසස් පෙළ විභාගය අවසන් වී පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමේදී එම සිසුන් ලබාගෙන ඇති ලකුණු තත්ත්වය සලකාබලා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා දැනුවත් කර ඔවුන්ට සහනයක් සැලසීමට කටයුතු කරන බව අද දෙරණ කළ විමසීමකදී  විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර, රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12