තෙවැනි තරගයේ ජයත් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු පන්දුවෙන්ම බෙන් මැක්ඩර්මට් ව ලකුණු බිංදුවකට දවාලීමට මහීෂ් තීක්ෂණ සමත් විය.
  
ජයග්‍රහණය සඳහා ලකුණු 122ක් හඹා ගිය සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 16.5කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය 3 බින්දුවක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියනුවන් මේ වනවිට සමත් වී තිබේ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක අරොන් ෆින්ච් ලකුණු 35ක් ලබාගත් අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 39ක් රැස්කළේය.

ඔහුගේ අපහසු උඩපන්දු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහුනි.

පන්දු යැවීමෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගත්තේය.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට වැඩි දස්කම් දැක්වීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නෝ ඉඩ නොදුන්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40