සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගයේදි කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක අරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.
අද ශ්‍රි ලංකා කණ්ඩායම – Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal(w), Dasun Shanaka(c), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara
අද ඕස්ට්‍රේලියානු කණ්ඩායම – Aaron Finch(c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade(w), Daniel Sams, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood
අද තරගය සඳහා කොවිඩ් -19 ආසාදනය වී සුවය ලබා ඇති කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර පසුගිය තරග දෙකේදී ම පිතිකරණයෙන් අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.
එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් හුදකලා කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංග ගේ ස්ථානය හිමි වී ඇත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්ෆ්‍රි වන්ඩර්සේටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම් තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව රැඳී සිටීමට නම් මේ තරගය ජය ගත යුතුම වනවා.




