ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟයක් අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගය අද (15 වැනිදා) දහවල් 1.40ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පැවැති තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගැනීම හමුවේ තරගාවලි පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකාව අද (15 වැනිදා) තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබේ. කොවිඩ් වයිරසය ආසාදනය වී සුවය ලැබූ කුසල් මෙන්ඩිස් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් සඳහා එක්ව සිටියේය. මෙන්ඩිස්ට අද තරගය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතින අතර යම් හෙයකින් ඔහු කණ්ඩායමට ඇතුළත් වුවහොත් පැවැති තරග දෙකෙහිම පිතිකරුවකු ලෙස අසාර්ථක වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවනු ඇත.

මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් දිනා නොමැති ජනිත් ලියනගේ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට ඇතුළත් වීමේ වැඩි අවස්ථාවක් පවතින බවටද සැලවේ. දෙරට අතර පැවැති පළමු තරගයෙන් අනතුරුව කොවිඩ් වයිරසය අසාදනය වූ බිනුර ප්‍රනාන්දුට අද තරගය සහ ලබන 18 වැනිදා පැවැත්වෙන තරගය අහිමි වී යනු ඇත. ඒ අනුව එම තරග දෙකෙහිදීත් නුවන් තුෂාර වේග පන්දු යවන්නකු වශයෙන් සිය දායකත්වය කණ්ඩායමට ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක හෝ කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හෝ ජනිත් ලියනගේ, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40