අකාලයේ දිවිගමන නිමා කල නර්ථන ශිල්පිනිය

මහරගම, පමුණුව දුම්රියපොළ මාවතේ නිවාස සංකීර්ණයක ගෙල වැලලාගෙන කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ මරණය පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, අඹගස්වැව, හිරියාල, තරණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අභයකෝන්  මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි නැමති 28 හැවිරිදි නර්තන ශිල්පිනියක් බව පොලීසිය පවසයි.

ඇය ගෙල වැලලාගෙන සිටි ලණුවෙන් මුදාගෙන පුද්ගලයෙකු විසින් රෝහල රැගෙන ගිය බවට ඊයේ රාත්‍රියේ පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

ගෙල වැල ලාගෙන සිටි කාන්තාව කළුබෝවිල රෝහලට රැගෙන ගිය පුද්ගලයා එම රෝහලේ සිටින බවට පොලීසියට ලද තොරතුරක් අනුව රෝහල කරා පොලිස් නිලධාරියෙකු පිටත්කර එම පුද්ගලයා ද නිවාස සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබූ බව පොලීසිය පැවසීය.

එම කාන්තාව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබූ බවට එම පුද්ගලයා ප්‍රකාශයක් ලබාදී තිබේ.

නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන එම ව්‍යාපාරිකයා දරුවන් තිදෙනකු සිටින විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර එකී කාලයේ සිට මාසිකව රුපියල් 30,000 ක කුලී මුදලකට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව පදිංචිකරවා ඇතැයි අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා දින කිහිපයකට වරක් එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බව ද වාර්තා වේ.

මියගොස් සිටින කාන්තාව ද විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක් බවත් මීට වසර 5කට පෙර සිය ගම් ප්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත ව සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ කාන්තාව ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. 

මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. කේ රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02