AFC Banner
Empty Ad
Empty Ad

හොඳට පන්දු යැවු බිනුර “පොසිටිව්” වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති පළමු විස්සයි 20 තරගයට ද බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ලැබූ අතර එහිදී ඔහු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 12 කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.

බිනුර ප්‍රනාන්දුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බවට හෙළිව ඇති අතර ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවයි ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි 20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?