නාරා ආයතනයේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය එම්.ජේ.එස්. විජයරත්න මහතා ඊයේ (10) එම ධූරයේ වැඩ භාර ගත්තේය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා අයතනය) ධීවර අමාත්‍යාංශයට අයත් ආයතනයකි.
නව සභාපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මෙන්ම සත්ත්ව විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් විශ්වවිද්‍යාලයට විශාල සේවයක් ඉටු කළේය.
එම්.ජේ.එස්. විජයරත්න මහතා දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා විද්‍යා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාද වෙයි.
ඒ මහතා මත්ස්‍ය ජීව විද්‍යාව, ධීවර කළමනාකරණය, ජලජ ජීවී විද්‍යාව හා ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇති බවද නාරා ආයතනය පවසයි.
පසුගියදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න සහ නෞකාව මුහුදුබත්වීම සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලදී ප්‍රධාන වශයෙන් මැදිහත්වූ ආයතනයක් වන්නේ නාරා ආයතනයයි.














