නාරා ආයතනයට නව සභාපතිවරයෙක්

නාරා ආයතනයේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය එම්.ජේ.එස්. විජයරත්න මහතා ඊයේ (10) එම ධූරයේ වැඩ භාර ගත්තේය.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා අයතනය) ධීවර අමාත්‍යාංශයට අයත් ආයතනයකි.  

නව සභාපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මෙන්ම සත්ත්ව විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් විශ්වවිද්‍යාලයට විශාල සේවයක් ඉටු කළේය. 

එම්.ජේ.එස්. විජයරත්න මහතා දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා විද්‍යා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාද වෙයි.

ඒ මහතා මත්ස්‍ය ජීව විද්‍යාව, ධීවර කළමනාකරණය, ජලජ ජීවී විද්‍යාව හා ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇති බවද නාරා ආයතනය පවසයි.

පසුගියදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න සහ නෞකාව මුහුදුබත්වීම සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලදී ප්‍රධාන වශයෙන් මැදිහත්වූ ආයතනයක් වන්නේ නාරා ආයතනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02