තැපෑලට සේවක හිඟයක්

තැපැල් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක හිඟය හේතුවෙන් විශාල තැපැල් කාර්යාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක් මතුව තිබේ.

මේ වන විට දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය තැපැල් සේවකයින් 1,600 කගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.

සමස්ත කාර්යමණ්ඩලය 6,000 කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ එම සංඛ්‍යාව 4,000 ක් පමණ වේ.

2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අවසර ඉල්ලා තිබුණද මෙතෙක් ඊට රජයේ පාර්ශවයෙන් අනුමැතිය හිමිව නොමැති බව සඳහන්ය.

එම හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට යෝජනා වුවද එය ද ක්‍රියාත්මක වී නොමැති බව තැපැල් සේවකයින් පවසයි.

මේ වන විට කොළඹ නගර සීමාවේ පිහිටි බොරැල්ල තැපැල් කාර්යාලයේසේවකයන් 35ක් සිටිය යුතු වුවද වර්තමානයේ සේවකයන් 7කින් එහි කටයුතු පවත්වාගෙන යයි.

ඇතැම් තැපැල් කාර්යාලවල නිලධාරිනියක් ප්‍රසූත නිවාඩු ලබාගත්විට එම කාර්යාලය වසාදැමීමට සිදුවන තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බව සඳහන්ය.

මෙවැනි තත්වයක් හමුව මෙම වසර තුළ රුපියල් කෝටි 900 ක ආදායමක් ඉපයිය යුතු බවට වන ඉලක්කය සම්පුර්ණ කිරිම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56