පොළිස් මෙහෙයුමින් “පූසී” කූඩු කරයි….

කුඩු රැජින නමින් ප්‍රසිද්ධ ප්‍රධාන ජාවාරම්කාරියක් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (07) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැටලීම සිදුකර තිබූ අතර එහිදී සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 64ක් සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවද විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කුඩු රැජින ලෙස ප්‍රසිද්ධ 40 හැවිරිදි ඇයව ‘පූසි’ නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බව අනාවරණය වී තිබේ. 

කොහුවල පොලිස් වසමේ රෝහල පාර, කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේදී වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බඩෝවිට අසංක නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඇය විසින් මෙලෙස ප්‍රවාහනය කර ඇති බවද අනාවරණය වී තිබේ.

ඇය, එම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු වන ඉන්දික ගමගේ නොහොත් ආම් ඉන්දික නමැත්තාගේ බිරිඳ බවද විමර්ශන නිලධාරීන් පැවසීය.

2001 වර්ෂයේදී නිට්ටඹුව ප්‍රදේශයේ වෙළෙඳසැළක රුපියල් කෝටියකට අධික දේපළ මංකොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද ආමි ඉන්දික නමැත්තාය.

තවද ඔහුට විරුද්ධව මංකොල්ලකෑම් ගණනාවක නඩු කටයුතු විභාග වෙමින් පවතින බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29