කුඩු රැජින නමින් ප්‍රසිද්ධ ප්‍රධාන ජාවාරම්කාරියක් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (07) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැටලීම සිදුකර තිබූ අතර එහිදී සැකකාරිය සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 64ක් සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවද විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කුඩු රැජින ලෙස ප්‍රසිද්ධ 40 හැවිරිදි ඇයව ‘පූසි’ නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බව අනාවරණය වී තිබේ.
කොහුවල පොලිස් වසමේ රෝහල පාර, කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේදී වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බඩෝවිට අසංක නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඇය විසින් මෙලෙස ප්‍රවාහනය කර ඇති බවද අනාවරණය වී තිබේ.
ඇය, එම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු වන ඉන්දික ගමගේ නොහොත් ආම් ඉන්දික නමැත්තාගේ බිරිඳ බවද විමර්ශන නිලධාරීන් පැවසීය.
2001 වර්ෂයේදී නිට්ටඹුව ප්‍රදේශයේ වෙළෙඳසැළක රුපියල් කෝටියකට අධික දේපළ මංකොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද ආමි ඉන්දික නමැත්තාය.
තවද ඔහුට විරුද්ධව මංකොල්ලකෑම් ගණනාවක නඩු කටයුතු විභාග වෙමින් පවතින බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.














