අත් පොරොවෙන් කොටා සහෝදරයා ඝාතනය කල පනාමුරේ ඛේදවාචකය

අත් පොරවකින් සහ කැත්තකින් පහරදී තම සහෝදරයාව ඝාතනය කර ඇති පුවතක් පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාවල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (06) රාත්‍රී කාලයේ දී එම ඝාතනය සිදුව ඇති බවය.

මියගිය පුද්ගලයාගේ දරුවෙකු සහෝදරයාගේ නිවසේ සිටින බල්ලෙකු සපා කෑම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත සැකකරුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇත.

ඒ හේතුවෙන් අදාළ සැකකරු විසින් පොරොවකින් හා කැත්තකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ, 41 හැවිරිදි මුලඇඩියාවල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඝාතනය සිදුකළ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?