මාතර හක්මන ප්‍රදේශයේ වෙළෙඳසැලක් මංකොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට මුහුණදීමට සිදු වු අනපේක්ෂිත සිදුවීමක් වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් ව තිබුණි.
සැකකරු තියුණු ආයුධයක් පෙන්වා වෙළෙඳසැලේ සේවිකාව බියවැද්දවීමට උත්සාහ කළ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වු ඇය කෙක් කැපීමට තිබු පිහියකින් සැකකරුට පහරදීමට ඉදිරියට පැමිණේ.
එම අවස්ථාවේ දී බිය වූ මංකොල්ලයට පැමිණි පුද්ගලයා වහාම එම ස්ථානයෙන් පළා යන අතර, අදාළ කාන්තාව දිවගොස් ඔහු පැමිණ තිබූ යතුරුපැදියේ අංකය සටහන් තබා ගනී.
හක්මන වේපතඉර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳසැලක ඊයේ (05) සවස මෙය සිදුව ඇත.
පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7














