කොවිඩ් පළමු රැල්ලේදී මෙරට වැටුප් ලබන සේවකයන්ගෙන් සියයට 07 කට සම්පූර්ණයෙන්ම රැකියා අහිමිවී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනුයි මෙම වාර්තාව එළිදක්වා ඇත්තේ.
2020 කොවිඩ් පළමු රැල්ල විසින් මෙරට වැඩ කරන ජනතාවට සිදුකරන ලද බලපෑම එමගින් නිරීක්ෂණය කර තිබෙනවා.
මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වුවද 14.6% ක් පවසා ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 92.9% ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.














