විදේශික යුවළකට වන අලි ප්‍රහාරයක්

බක්කිඇල්ල පොලිස් වසමේ රජගල කන්ද ප්‍රදේශයේදී වන ජීවි නිලධාරින් තුන්දෙනෙකුට පහරදුන් සැකකරුවක් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුතින් ඉදිකරන ලද වන අලි පලවා හැරීමේ විදුළි වැටක් පරීක්ෂා කිරීමට පුද්ගලික් ඉඩමක් හරහා ගමන් කරමින් සිටියදී ඉඩම් හිමියන් විසින් අදාළ පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම සිද්ධියෙන් නිලධාරින් තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු අම්පාර රෝහලට ද අනෙක් නිලධාරින් දෙදෙනො ගොනාගොල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බක්කිඇල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙවන්නේ.

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ විදේශ ජාතික සංචාරක යුවලක් රැගත් මොටර් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මාර්ගයේ සිටි වන අලියෙකුගේ ඡායාරූපයක් ලබා ගැනීම සදහා සූදානම් වීමේදී අදාළ විදේශ යුවල පැමිණි මෝටර් රථයට වන අලියා පහරදී එය මාර්ගයෙන් ඉවතට තල්ලු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම පහරදීම හේතුවෙන් විදේශ යුවලට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ගමන්ගත් මෝටර් රථයට හානි සිදුවී තිබෙනවා.

මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?