අපේ සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා සංචිතය අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

එම තරගාවලිය එළඹෙන 11 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

එසේම මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ද නම්කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද මෙම සංචිතයට ඇතුලත් වෙයි.

ඊට අමතරව නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලු රකින කමිල් මිශාර ද ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා ඇතුලත් කර ඇති තවත් නවක මුහුණක් වෙයි.

එසේම මෙම තරගාවලියේදී නුවන් තුෂාරට ද ස්ථානයක් වෙන්කිරීමට බලධාරීන් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු මදුශංක, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ පුලින තරංග යන ක්‍රීඩකයින් 7 දෙනාට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට නැවත එක්ව ඇත.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එරටදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම  

දසුන් ශානක (නායක), 
චරිත් අසලංක (උප නායක)
අවිෂ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක 
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිශාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ළහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර 
බිනුර ප්‍රනාන්දු 
මහීෂ් තීක්ෂණ 
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45