මීගමුව ආ කිඹුලා

ධීවර ජනතාවගේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වූ, උස්වැටකෙයියාව හා මීගමුව අතර මුහුදේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි විශාල ගැට කිඹුලෙකු ඊයේ (31) ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලාගෙන ඇත.

පස්වරුවේ එම කිඹුලා පමුණුගම වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වනජීවි නිලධාරීන් දැනුවත් කළ ද ඔවුන් කිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුකොටගෙන ප්‍රදේශවාසීන් විසින්ම අවදානම දරා මෙම කිඹුලා අල්ලාගැනීමට කටයුතු කර තිබුනා.

ඊයේ රාත්‍රී 8.30ට පමණ අල්ලාගත් කිඹුලා රැගෙන යන ලෙස වනජීවී නිලධාරීන් දැනුම්වත් කළද වනජීවී නිලධාරීන් කිඹුලා රැගෙන යාමට පැමිණ ඇත්තේ අද (01) අලුයම් කාලයේ දී බව ද ප්‍රදේශවාසීහු චෝදනා කළා.

මෙලෙස අල්ලාගෙන ඇත්තේ අඩි 10ක් පමණ දිගැති ගැහැණු ගැට කිඹුලෙකු බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33