AFC Banner
Empty Ad
Empty Ad

හෙලට වැටුනු රෝහල් කාර්‍ය මන්ඩලය

දික්ඔය මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (30) පස්වරු 6.45ට පමණ අනතුරට ලක්ව තිබේ.

අදාළ අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පැවසීය.

එම අනතුර සිදුවී ඇත්තේ, හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වනරාජා වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලදීය.

රෝහලේ කාර්ය මණ්ඩලය රැගත් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 20ක පමණ ප්‍රපාතයක පෙරළී එම අනතුර සිදුව ඇත.

ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී ආපසු රෝහල වෙත යමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණි.

අනතුරට පත් වෑන් රථය පෞද්ගලික රථයක් බවත්, අධික වේගය අනතුරට හේතුව වී ඇති බවත් අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?