ඥානසාර හිමිගේ චීවරය සම්බන්ධ පෙත්සම් යළි කැඳවීම නොවැම්බර් 18 වැනිදා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුකර යලි 18 වැනිදා කැඳවන ලෙස නියම කළා.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා