ශිෂ්‍ය භටයින්ගේ රහස් ප්‍රදේශ අතපත ගෑ හමුදා කෝප්‍රල් අත්අඩංගුවට

කළුතර පොලිස් විද්‍යාලයේ ශිෂ්‍ය භඨ පාඨමාලාව හදාරමින් සිටි සිසුනට ලිංගික අතවර කිරීමට උත්සහ කර පහරදුන් බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කදුරුවෙල 11 ජාතික ශිෂ්‍ය භට ඒකකයට අනුයුක්තව රාජකාරි කරන හමුදා කෝප්‍රල්වරයෙකු බව පොලිසිය පවසනවා.

සැකකාර කෝප්‍රල් වරය, භට නිවාස පරීක්ෂාවක් සඳහා පැමිණ ශිෂ්‍ය භටයින්ගේ ලිංග ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවටත්, පසුව සිසුන් විරෝධය පෑම හේතුවෙන් ඔවුනට පහරදී ඇති බවටත් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පහරකෑ සහ ලිංගික අතවරවලට ලක්වූ සිසුන් හත්දෙනෙකු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද, සිසුන්ද කෝප්‍රල්වරයාට පහරදී ඇති බවද වාර්තා වනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඉදිරිපත් කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණ වලදී ඔහු මත්පැන් පානය කර සිටී බවට ද තහවුරු වී තිබෙනවා.

ශිෂ්‍ය භටයින්ගේ විසිරයාමේ පෙළපාළිය ලබන 25 දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙන බවද පොලිසිය සදහන් කරන්නේ.