හෙලට වැටුනු රෝහල් කාර්‍ය මන්ඩලය

දික්ඔය මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (30) පස්වරු 6.45ට පමණ අනතුරට ලක්ව තිබේ.

අදාළ අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පැවසීය.

එම අනතුර සිදුවී ඇත්තේ, හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වනරාජා වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලදීය.

රෝහලේ කාර්ය මණ්ඩලය රැගත් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 20ක පමණ ප්‍රපාතයක පෙරළී එම අනතුර සිදුව ඇත.

ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී ආපසු රෝහල වෙත යමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණි.

අනතුරට පත් වෑන් රථය පෞද්ගලික රථයක් බවත්, අධික වේගය අනතුරට හේතුව වී ඇති බවත් අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20