ගැරඬි ඇල්ලට බිලි වූ පස්වැනියා ත් සොයාගනී

ගැරඬි ඇල්ලේ දියනෑමට ‌ගොස් සැඩ දිය පහරට හසුවී අතුරුදන් වූ පස්වැනියාගේ සිරුරත් අද (30) පස්වරුවේ සොයා ගත්තේය.

ඒ පැය ගණනක් පුරා සිදු කළ මෙහෙයුමකදීය.

මෙලෙස සොයා ගත්තේ අතුරුදන්ව සිටි 22 හැවිරිදි තරුණියගේ සිරුරය.

ඊයේ (29) පස්වරුවේ ගැරඬි ඇල්ලේ දියනෑම සඳහා ඇටම්පිටිය – නාවල පාරේ පදිංචි 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබුණි.

මොවුන් දියනාමින් සිටියදී ජල පහරට හසුව තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙක් ගසාගෙන ගොස් තිබුණි.

ඒ අතර අවුරුදු 19ත් 23ත් අතර වයස්වල පසුවන තරුණියන් සිව්දෙනකු සහ 23 හැවිරිදි තරුණයකු සිට තිබුණි.

ඉන් සිව් දෙනෙකුගේ සිරුරු පසුව සොයාගැනුනේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පොලීසිය දියත් කළ මෙහෙයුමකදීය.

සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා සිටියේ, “ඒ අය හිටියේ ගල උඩ ඉදගෙන එක එක්කෙනා අත අල්ලගෙන ඇදලා ගන්න ගිහිල්ලා 4දෙනාම බැස්සා.” යනුවෙනි.

මිය ගිය අය අතර එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු ද වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?