ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලයෙකු අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා, අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක 39 හැවිරිදි ඩිල්රුවන් මේ වන විට ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,303 ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.

ඩිල්රුවන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සහ දේශීය ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට ද හිමිකම් කියයි.

ඩිල්රුවන් පසුගිය වසරේ (2021) ජනවාරි මස එංගලන්තයට එරෙහිව ගාල්ලේදී අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි විය.

හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවාගිනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභී පිට දඟ පන්දු යවන්නා වාර්තාවට හිමිකම් කියයි.   



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45