ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට

කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිතුමා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය.

ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 07කින් ගෑස් රැගෙන එයි.

බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරේ. අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු කරන බව සමාගම පවසයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ. ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

UN0 2588
UN0 2602
UN0 2517
UN0 2550
RRK 6103
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?