ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට

කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිතුමා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය.

ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 07කින් ගෑස් රැගෙන එයි.

බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරේ. අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු කරන බව සමාගම පවසයි. පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ. ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ.

ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

UN0 2588
UN0 2602
UN0 2517
UN0 2550
RRK 6103


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35