තීරණය පිළිබඳව නැවත සිතා බලන්න : තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන බැවින් හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ.

ක්‍රීඩකයන්ට සියපෞද්ගලික හේතුමත ක්‍රීඩාවෙන් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි තීන්දුවක් ගැනීම සදහා පරිපාලනය සමග ඇතිවන ගැටලූවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට තමන්ට අවස්ථාවක් ඇති බවද අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එසේවුවහොත් සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් ක්‍රිඩාවෙන් ඉවත් වීම සදහා ගෙන ඇති තීරණය පිළිබද නැවත වතාවක් සිතා බලන ලෙස නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23