මෙරට සරසවියකින් නවක වද සිදුවීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් පිරිසකට අමානුෂික අන්දමට නවක වධය දෙමින් සිටි විද්‍යා පීඨයේ සිසුවෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හමාර වන තුරු ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් ඔහුට යාපනය විශ්වවිද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළු වීමත් 6 දා සිට තහනම් කොට තිබේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන් පිරිසකට නවක වධය දෙමින් සිටින බවට විශ්ව විද්‍යාලයේ විනය පාලක මණ්ඩලයට ලැබුණු පැමිණිල්ලක් මත එම නිලධාරීන් ගොස් එක් සිසුවකු අල්ලාගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව දැනුවත් කිරීමෙන් පසුව නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුවේ වාර්තාව ලැබෙන තුරු අදාළ සිසුවාගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඔහුට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප‍්‍රදේශයක් බවට පත් කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?