නාමල් වෙනුවට මහින්ද එන අනුරපුර රැළියට එජාපයෙන් සුබපැතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන අනුරාධපුර රැළියට එක්සත් ජාතික පක්ෂය සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සුබපැතුම් එක්කර ඇත්තේ.

අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ අනුරාධපුර රැළිය සංවිධානය කිරීමට පියවර ගත්තේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් බවයි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හදිසියේම අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලැබුවේ එම රැළිය කඩා කප්පල් කිරීමේ අරමුණින් බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ.

එම ක්‍රියාමාර්ගයෙන් අධෛර්මත් නොවී පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පවත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබපැතුම් පිරිනමන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.