හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට නීතිපතිවරයා පවරා ඇති නඩුව මේ මස 23 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය නියෝග කළා.
2004.10.09 කාලයේ දී හැඳුනුම්පතක් ලබා ගැනීමට කූට ලේඛන ඉදිරිපත් කර පුද්ලගයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.













