ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දහවල් දිවයිනට පැමිණියා.
අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද පැමිණ සිටියා. .
ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරන ගුවන් යානයෙන් අද (08) දින දහවල් 01.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
රාජ්නාත් සිං අමාත්‍යවරයා අද (08) සිට ලබන 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.













