හිටපු ඇමති ජගත්ගේ පෝස්ටර් නඩුවේ ප්‍රගතිය අධිකරණයට දැන්වීමට දින ලැබෙයි

දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබ්නට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වන දින අධිකරණයට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (08) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බැවින් විමර්ශන ප්‍රගතිය දැනුම් දීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා ඉදිරි දින විමර්ශන ප්‍රගතිය දැනුම් දීමට නියෝග කළා.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙන අතර විදෙස් ගමන් තහනම් ද පනවා තිබෙනවා.

‍‍‍වර්ෂ 2014 ඌව පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී, රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කරන ලෙස හලාවත වැවිලි සමාගමට හා කුරුණෑගල වැවිලි සමාගමට විධාන කිරීමෙන් අදාල සමාගම් දෙකට රුපියල් 2,665,000/- ක මුදලක් වැය කිරීමට කටයුතු කරවා තිබීම මෙම සැකකරුට එරෙහි පළමු චෝදනා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, 2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගංවතුර ආධාර ලෙස බෙදා දීම සඳහා සරම් සහ ටී-ෂර්ට් සහිත ඇඳුම් කට්ටල 5,000ක් හා සාය සහ හැට්ට සහිත ඇඳුම් කට්ටල 5,000ක් නිසි ක්‍රමවේදයකින් තොරව මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, හලාවත වැවිලි සමාගමෙන් හා කුරුණෑගල වැවිලි සමාගමෙන් සිදුකළ මෙම මිලදී ගැනීම් හරහා එම සමාගම් දෙකට පිළිවෙළින් රුපියල් 3,275,000/- ක් සහ රුපියල් 3,075,000/- ක් වැය කර තිබුණ ද, එම ඇඳුම් කට්ටල භෞතිකව බෙදා දී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට පෙර නඩු දිනයේ දී දන්වා සිටියා.

එසේම, 2013 සහ 2014 වසරවල මැයි දින රැළි සඳහා සහභාගීවූවන්ට ලබා දීම පිණිස හලාවත වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද, කුරුණෑගල වැවිලි සමාගමෙන් ටී-ෂර්ට් 2,000ක් හා සාරි 1,500ක් බැගින් ද ලබා දීමට නිලධාරීන් පෙළඹවීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43