අධිවේගී මාර්ග ගණනාවක වැඩ මෙම වසරේ ආරම්භ කිරීමේ සූදානමක්

මෙම වසරේ දී අධිවේගී මාර්ග ගණනාවක වැඩ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සභා නායක බිමල් රත්නායක පවසනවා.

අද (08) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව එළඹෙන නොවැම්බර් මාසයේ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල-ගලේවෙල කොටසේ වැඩ ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම කහතුඩුවේ සිටි ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගය මෙම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා සැලසුම්කරණය ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

එහිදී කටුනායක සිට දැදුරු ඔය පාලම ආසන්නයට අධිවේගී මාර්ගය දිගු කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඇරඹීමට සැලසුම් කර ඇති බවත්, කඩවත – මීරිගම අධිවේගී මාර්ග කොටස 2028 මැයි මාසයේ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි පැවසුවේ.

මේ අතර පොතුහැර – රඹුක්කන කොටස 2027 වසරේ අප්‍රේල් අවසන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27