ක්‍රිඩා ලෝලීන්ට භාණුක රාජපක්ෂ ගැන ඇහෙන සතුටුදායක පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, අදාල තීරණය පිළිබඳ යළි සළකා බලන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම ඔහු එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාද නම් කර ඇති බව සඳහන්.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා සිදුකරුනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත භානුක රාජපක්ෂ සිය ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ තීරණය ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණේ පෙරේදා දිනයේදී.

මේ අතර භානුක රාජපක්ෂගේ තීරණය සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස ප්‍රවීන ක්‍රීඩක ලසිත් මාලිංගද සිය ට්වීටර් ගිණුම හරහා ඉල්ලීමක් කර තිබුණා.

රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කළේ ජාත්‍යන්තර තලයේදී රට නියෝජනය කිරීම අසීරු කාර්යයක් වන අතර එහිදී විවිධ අභියෝග පැමිණෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40