AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිඩා ලෝලීන්ට භාණුක රාජපක්ෂ ගැන ඇහෙන සතුටුදායක පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, අදාල තීරණය පිළිබඳ යළි සළකා බලන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම ඔහු එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාද නම් කර ඇති බව සඳහන්.

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා සිදුකරුනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත භානුක රාජපක්ෂ සිය ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමේ තීරණය ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණේ පෙරේදා දිනයේදී.

මේ අතර භානුක රාජපක්ෂගේ තීරණය සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස ප්‍රවීන ක්‍රීඩක ලසිත් මාලිංගද සිය ට්වීටර් ගිණුම හරහා ඉල්ලීමක් කර තිබුණා.

රට වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි ක්‍රීඩකයෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කළේ ජාත්‍යන්තර තලයේදී රට නියෝජනය කිරීම අසීරු කාර්යයක් වන අතර එහිදී විවිධ අභියෝග පැමිණෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
469
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53

?