එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීමට අවසර

එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අද දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවේ.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?