ගාලු කොටුවේ “මාරක පිම්ම පැන්න” තරුණයින්ට අත්වූ ඛේදනීය ඉරණම

වසර 15ක් පමණ ගාල්ල කොටුව කොඩිගල සිට ත්‍රාසජනක ලෙස මුහුද පනින ක්‍රියාවේ නිරත වූ තරුණයින්ට කොඩිගල සිට මුහුදට පනින අඩි 03ක පමණ කොටස පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් ගල් බැම්මකින් ආවරණය කිරිම නිසා ඊයේ (10) සිට එම ක්‍රියාවේ නිරත විමට නොහැකි බව ඔවුන් සඳහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් ගාලු කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ නිරත උපායමාර්ගික සංවර්ධන අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් විමසිමකදි ඔවුන් පැවසුවේ ලෝක බැංකු ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන නිසා ඒ අනුව මෙම ස්ථානයේද සංරක්ෂණ කටයුතු සිදුකරන බවයි.

දිවි පරදුවට තබා තරුණයින් පිරිසක් රැකියාවට පනින මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයෙත් ජනප්‍රියය.

ගාලුකොටුපවුර මත පිහිටි ඉපැරණි ප්‍රදිපාගාරය අසල කොඩිගල මත සිට අසංක, චතුර බුද්ධික හා ලක්ෂිත යන මිතුරන් තිදෙනා කරණම් ගසමින් මුහුදට පනිති.

මුහුදට පනිනු ලබන ස්ථානය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි.

මෙම ස්ථානය කොඩිගල යනුවෙන් මිට පෙර හැදින්වුවද මේ වනවිට එම ස්ථානය ගාලු කොටුවේ ජම්පින් සෙන්ටර් යනුවෙන් වැඩිදෙනෙක් හඳුන්වති.

අඩි 42ක උසක සිට කරණම් ගසමින් අසංකලා කරනු ලබන මෙම පැනිල්ල දැක බලා ගැනිම සදහා දෙස් විදෙස් සංචාරකයින් දක්වන්නේ දැඩි කැමැත්තක් දක්වනු ලබනවා. එමෙන්ම විදේශිය රටවල හමුදා ප්‍රධානින් ඇතුළු ප්‍රභුවරු ද මෙම පැනිම දැකබලා ගැනිම සදහා ගාලුකොටුපවුර මතට පැමිණ ඇත.

පවුලේ බඩවියත ගැට ගසාගැනිම සඳහා මෙම තරුණයින් විසින් කරනු ලබන මෙම පැනිල්ල අවදානම් වුවත් එය ඔවුන්ට නම් ත්‍රාසජනක හෝ අවදානම් දෙයක් නොවේ. මේ සඳහා එක්වී සිටින තරුණයින් එම පැනිමට හොද පළපුරුදුකාරයන් පමණක් නොව ඔවුන් දක්ෂ කිමිදුම්කරුවන්ය.

කෙසේ වුවත් ඔවුන්ට ඊයේ සිට එම ත්‍රාසජනක ක්‍රියාවේ නිරත වීමට ඉඩ නොලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38